අධිකරණ තීන්දුවෙන් පොලිස්පති ධුරය හිස් වී නැහැ – ජනාධිපතිට නීති උපදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙන බවට රජයේ අභ්‍යන්තර දේශපාලනික ආරංචි මාර්ග පවසනවා.

තොරතුරු වාර්තා වන පරිදි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස් ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ හේතුව නිසා අදාළ නීති ගැටලුව ලිහා ගන්නා තුරු පොලිස්පති ධුරය හිස් ව තැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඊයේ (24) දිනයේ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව 09ක් ශ්‍රේෂ්ඨාධිකරණයට දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයට පත් කිරීම විනය විරෝධී බවට පෙන්වාදෙමින් යොමු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම අතුරු තහනම් නියෝගයෙන් පැවසුණේ; පොලිස්පතිට හිමි ව ඇති සියලු ම ආකාරයේ රාජකාරි බලය ඊයේ දින සිට වාරණයට ලක් වන බවයි.

මේ සම්බන්ධයෙන් ලද තීරණය නිසා ඊයේ පස්වරුවේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ද කැඳවනු ලැබුවා.

ඒ; නව පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු හෝ පත් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ගැනීමටයි.

එම තීරණය දින දෙකක් ගත වීමට පෙර ලබාදීමටයි කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී තීන්දු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
19
+1
2
+1
3
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15