Empty Ad
AFC Banner
Empty Ad

අධිකරණ තීන්දුවෙන් පොලිස්පති ධුරය හිස් වී නැහැ – ජනාධිපතිට නීති උපදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙන බවට රජයේ අභ්‍යන්තර දේශපාලනික ආරංචි මාර්ග පවසනවා.

තොරතුරු වාර්තා වන පරිදි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස් ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ හේතුව නිසා අදාළ නීති ගැටලුව ලිහා ගන්නා තුරු පොලිස්පති ධුරය හිස් ව තැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඊයේ (24) දිනයේ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව 09ක් ශ්‍රේෂ්ඨාධිකරණයට දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධුරයට පත් කිරීම විනය විරෝධී බවට පෙන්වාදෙමින් යොමු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම අතුරු තහනම් නියෝගයෙන් පැවසුණේ; පොලිස්පතිට හිමි ව ඇති සියලු ම ආකාරයේ රාජකාරි බලය ඊයේ දින සිට වාරණයට ලක් වන බවයි.

මේ සම්බන්ධයෙන් ලද තීරණය නිසා ඊයේ පස්වරුවේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ද කැඳවනු ලැබුවා.

ඒ; නව පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු හෝ පත් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ගැනීමටයි.

එම තීරණය දින දෙකක් ගත වීමට පෙර ලබාදීමටයි කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී තීන්දු කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
19
+1
2
+1
3
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?