අද (27) දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පා ගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමතුවේ සම කැඳවුම්කරු වන එම්.එන්.එම්. නුස්‍රි, එන්.ඩී.හේවාවිතාරණ, චින්තක ප්‍රසාද් හා මධුෂාන් චන්ද්‍රජිත් යන අය ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින් හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත අද දින පස්වරු 02.30 සිට හෙට (28) දින පස්වරු 06 තෙක් කාලය තුළදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල්වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.