AFC Banner
AFC Banner
Empty Ad

අධ්‍යාපන ලේකම්ගෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට විශේෂ දැනුම්දීමක්

අනධ්‍යයන සේවකයින් විසින් අද (24) සහ හෙට (25) දිනවල දී ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල්වන අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක පාසල්වල අධ්‍යන කටයුතුවලට බාධා නොවීම සඳහා පාසල් ප්‍රජාව සමඟ එක්ව පාසල්වල කටයුතු කළමනාකරණය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ ඒ, අනුව කටයුතු කිරීමට පළාතේ සියලුම විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම එක් එක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
10
+1
32
+1
6
+1
16
+1
6
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?