අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් බව ද, විභාගයට අදාල ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දැනුම්දී තිබේ

එමෙන්ම අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බවයි.