අධ්‍යාපනයේ ගැටලු විසදීමට ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන පදනම වුවත් වර්තමාන අධ්‍යාපන පද්ධතිය වාර්ෂික රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා සමඟ නොගැළපෙන, රැකියා ලබාගැනීමට අපහසු උපාධිධාරීන් දහස් ගණනක් බිහි කරන බවත් මෙහි දී කටපාඩම් අධ්‍යාපනය ඇතුළු පාසල් විෂය නිර්දේශවල නොගැළපීම සහ භාෂා අයිතිවාසිකම් දේශපාලනීකරණය වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

රට තුළ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් තිබුණත් ජාතික පාසල් සහ ප්‍රමුඛ පාසල් සීමිත සංඛ්‍යාවක් වැඩි සම්පත් සහ පහසුකම් භුක්ති විඳින බවත් බහුතර පාසල් තවමත් අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන බවත් සුබසාධන රාජ්‍යයේ අරමුණ වූයේ අසමානතා අවම කිරීම වුවද, වර්තමානයේ එම පද්ධතිය තුළම විෂමතා තවදුරටත් පුළුල් වී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමට සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ තරඟකාරීත්වය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස අවධාරණය කළා.

AIIA වික්ටෝරියානු ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවක නියැලී සිටින මෙම නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන, ආර්ථික සහ සමාජීය භූ දර්ශනය පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත වුණා.

මෙම ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ AIIA කවුන්සිලයේ සාමාජික සහ දකුණු ආසියානු වැඩසටහනේ සම-ප්‍රධානී ප්‍රකාශ් මිර්චාන්දනි සහ රිචඩ් අයන් විසින්.

මෙම නියෝජිත පිරිසට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විද්වතුන්, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් යනාදී පිරිසක් ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59