අද (17) සිට සුරාසැල් විවෘත කරන්න අවසර ලැබුණා ද ? සුරාබදු කොමසාරිස් පිළිතුරු දෙයි

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා.කෙසේවෙතත් විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් පසුගියදා අවසර ලබාදෙනු ලැබුවා.

ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරටට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවතා ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.දිගු කාලයකට පසුව විවෘත කිරීමේදී මත්පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශි වීම සහ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53