අද සිට විවෘත කෙරෙන කාර්යාල

සියලුම තැපැල් කාර්යාල අද (04 වැනිදා) සිට විවෘත කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඊයේ (03 වැනිදා) පැවසීය.

සංචරණ සීමා පැවති සමයේ පෙරවරු 9 සිට සවස 4 දක්වා සතියට දින හතරක් පමණක් විවෘත කරන ලද තැපැල් කාර්යාල අද සිට පෙරවරු 8 සිට සවස 4 දක්වා සෙනසුරාදා ද ඇතුළත්ව සතියට දින හයක් විවෘත කෙරේ. ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ද කොවිඩ් තෙවැනි රැල්ලේ මේ දක්වා ඖෂධ වට්ටෝරු පන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ නිවෙස්වලට බෙදාහැර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා ම ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් පමණක් බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන්නේ නම් දුම්රියෙන් ලිපි හා පාර්සල් ප්‍රවාහන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ මහතා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15