අද සිට ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමා තිබෙනවා.ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි.

කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන් ය.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
15
+1
13
+1
5
+1
14
+1
4
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?