අද සිට ඉන්ධන QR ක්‍රමවේදයට පමණයි – නීති කඩන්නන් ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක්

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම අද (01) සිට දිවයින පුරා ආරම්භ කෙරුණා.

ඒ, අනුව අද (01) සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ QR ක්‍රමවේදය සහ කෝටා යටතේ පමණයි.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේ ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන මිලියන පහකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වලින් 90%ක පමණ සංඛ්‍යාවක් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන තොග නීතිවිරෝධී අන්දමින් ගබඩා කිරීම, විකිණීම හෝ ඉන්ධන ලබාදීමේ දී උපදෙස් පිළි නොපදින පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි 074 2123123 යන වට්ස්ඇප් අංකය වෙත යොමු කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම අද (01) දිනයේ සිට QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට උත්සහා දරණ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කළා.

QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස සහ එම විස්තර සත්‍යාපනය කිරීම සඳහා වාහනයේ අංක තහඩුව සමඟ උපාංගයේ ඇති QR කේත වාහන අංකය පරීක්ෂා කරන ලෙසත් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමණාකාරීත්වයන්ගෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15