අද රාත්‍රී ප්‍රදේශ රැසකට ඉතා තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය හෙට (26) දිනයේදී ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙහි බලපෑමෙන් අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර ඌව මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

හෙට දිනයේ බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?