අද රට පුරා විරෝධතා – ජෝසෆ් ස්ටාලින්

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.

ආණ්ඩුව මේ වනවිට පළාත් සභා පාසල් විවෘත කිරීමට සූදානම් වන අතර එහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තමන් සූදානම් නොමැති බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“අද දිනයේදී අපි ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට ආණ්ඩුව විසඳුමක් ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. දින 87ක් අදට.”

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා සඳහන් කළේ ගුරු වැටුප් ගැටලුව විසඳාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට තීරණය කර ඇති බවය. 

මේ අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි ප්‍රශ්න මුල්කරගෙන සෞඛ්‍ය සේවකයින් දඩමීමා කරගනිමින් කවුරුන් හෝ උද්ඝෝෂණ වැනි කටයුතු සඳහා එළඹෙන්නේ නම් එය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගිය කාලසීමාව තුළ පැවති එවැනි උද්ඝෝෂණ හේතුවෙන් රට විශාල ව්‍යසනයකට පත්වූ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?