අද රට පුරා විරෝධතා – ජෝසෆ් ස්ටාලින්

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.

ආණ්ඩුව මේ වනවිට පළාත් සභා පාසල් විවෘත කිරීමට සූදානම් වන අතර එහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තමන් සූදානම් නොමැති බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“අද දිනයේදී අපි ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට ආණ්ඩුව විසඳුමක් ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. දින 87ක් අදට.”

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා සඳහන් කළේ ගුරු වැටුප් ගැටලුව විසඳාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට තීරණය කර ඇති බවය. 

මේ අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි ප්‍රශ්න මුල්කරගෙන සෞඛ්‍ය සේවකයින් දඩමීමා කරගනිමින් කවුරුන් හෝ උද්ඝෝෂණ වැනි කටයුතු සඳහා එළඹෙන්නේ නම් එය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගිය කාලසීමාව තුළ පැවති එවැනි උද්ඝෝෂණ හේතුවෙන් රට විශාල ව්‍යසනයකට පත්වූ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59