AFC Banner
Empty Ad
Empty Ad

අද රජයේ විශේෂ නිවාඩු දිනයක්

අද (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

හෙට ට (14) යෙදී ඇති පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අද (13) දිනය මෙලෙස විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය අර්බුදය වැනි ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙම නිවාඩුව බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ.

මේ අතර අද (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?