අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 ක පමණ තද සුළං ඇති විය හැකි බව ද නිවේදනයේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ අගයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩි විය හැකියි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් එහි සඳහන්.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?