අද දිනය ලග්න 06 කට පන්කාදු දිනයක් ඹබරෙත් වැල්ලෙ කැරකෙන දවසක්

හිරු උදාව-6:23 am හිරු බැසීම-6:09 pm වන්ද්‍ර රාශි චක්‍රය-කුම්භ-පංචාංග නැකත-දෙනට තිථිය-පුර විසේනිය යෝගය-සිද්ධි කරණය-විෂ්ටි, බව රාහු කාලය-1:44 pm – 3:13 pm සුභ දිශාව-උතුර- මරු සිටින දිශාව-දකුණ- යෝගිනී (අශුභ) දිශාව-දකුණ අද 2022.01.06 වන දින ලග්න පලාපල

මේෂ ලග්නය

අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි. අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

මෙය සියලු ලග්නයන්ට පොදුවේ. (අද දින සඳු ඔබගේ කේන්දරයේ කුම්භ රාශියේ ගමන් කිරීම හේතුවෙන් පසුගිය දිනවල මෙන් නොව ඔබට ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව, ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් සමාජශීලී වේ. ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්ත ගැන හිත යොමු වේ.)

වෘෂභ ලග්නය

වස්තුව සහ සැප සම්පත් ලඟා වේ ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

මිථුන ලග්නය

දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

කටක ලග්නය

හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

සිංහ ලග්නය

විවාහය අපේක්ෂකයින් ශුභයි ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

කන්‍යා ලග්නය

රහස් සතුරන් සහ හීන වන ශරීර සෞඛ්‍ය ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

තුලා ලග්නය

අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.

වෘශ්චික ලග්නය

පවුලේ සමගිය සහ සතුට සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

ධනු ලග්නය

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

මකර ලග්නය

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්. අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

කුම්භ ලග්නය

අන් අයගේ සිත් දිනා ගනී චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

මීන ලග්නය

සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40