AFC Banner
AFC Banner
Empty Ad

අද දිනයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් නෑ – ලාෆ්ස් ගෑස් අද සිට වෙළෙඳපොළට

අද (05) දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේ එළඹෙන අඟහරුවාදා දිනය දක්වා ගෑස් බෙදාහැරීම් කටයුතු සිදු නොකෙරෙන බවයි.

මේ අතර ලාෆ්ස් ගෑස් බෙදහැරීමේ කටයුතු අද (05) සිට ආරම්භ කරණ බව එම සමාගම සඳහන් කළා.

ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මූලිකත්වය ලබාදෙමින් අනෙකුත් සෙසු ප්‍රදේශ සඳහා ද ගෑස් බෙදා හරින බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.

මේ අතර ලාෆ්ස් ගෑස් මිල ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?