අද දිනයේත් ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (21) පරීක්ෂාවට ලක් කෙරුණා.

එම ක්‍රමය සාර්ථක බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිවීමේ දී චැසි අංකය වෙනුවට, වාහන ආදායම් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීමට නුදුරේදී ම පියවර ගන්නා බව වාර්තා වුණා.

මේ අතර දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ (21) මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

අද (22) දිනයේ දී සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ දී වාහනයේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබාදීම සිදු කෙරෙන අතර ඒ අනුව අවසන් අංකය 06, 07, 08 සහ 09 යන අංක අවසානයට ඇති රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

ඒ, අනුව යතුරුපැදියකට උපරිම රුපියල් 1,500ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22