අද දිනයේත් ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (21) පරීක්ෂාවට ලක් කෙරුණා.

එම ක්‍රමය සාර්ථක බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිවීමේ දී චැසි අංකය වෙනුවට, වාහන ආදායම් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීමට නුදුරේදී ම පියවර ගන්නා බව වාර්තා වුණා.

මේ අතර දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ (21) මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

අද (22) දිනයේ දී සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ දී වාහනයේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබාදීම සිදු කෙරෙන අතර ඒ අනුව අවසන් අංකය 06, 07, 08 සහ 09 යන අංක අවසානයට ඇති රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

ඒ, අනුව යතුරුපැදියකට උපරිම රුපියල් 1,500ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?