කැලණිය රජ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා පෙරහර අද 07 පැවැත්වෙනවා.
ඒ අනුව එම පෙරහැර කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරි වටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පල මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හන්දිය, ගල් බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරහැර ගමන් ගන්න කාලය අතරතුර එම ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි පොලසිය පවසන්නේ.
ඒ අනුව අද දින පස්වරු 03.00 සිට රාත්‍රී 08.00 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුල පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














