අද ඇතිවී තිබෙන තත්ත්වය ගැන දැඩි ලෙස කණගාටුව වනවා – භාතිය සහ සන්තුෂ් කියයි

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BNS (භාතිය සහ සන්තුෂ්) විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන එහිදී ඔවුන් විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

” 2019 වසරේදී වත්මන් ජනාධිපති වෙත අපගේ සහය ලබාදුන්නද, අද වන විට උද්ගත වී ඇති තත්ත්වය පිලිබඳව අප දැඩි ලෙස කණගාටුව වන්නෙමු.

නැවත ශ්‍රී ලංකාව වඩාත් යහපත් දේශයක් බවට පත්වනු දැකීම අපගේ පැතුමයි.

දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක, පක්ෂ දේශපාලන ක්‍රමය තුලින් රටේ බලාපොරොත්තු ඉෂ්ඨ නොවන බව සත්‍යයක් වී හමාරය. මෙම සමස්ථ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතුය.” භාතිය සහ සන්තුෂ් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

May be an image of sky and text