දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර / උතුරු / උතුරු මැද / මධ්‍යම / වයඹ / සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙනවා.
සෙසු ප්‍රදේශවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




