AFC Banner
Empty Ad
Empty Ad

අදත් මහ වැසි – පැය 18ක් තුළ වැඩිම වැස්ස ඇහැළියගොඩට

දිවයිනට ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඊයේ (11) පෙරවරු 8.30 සිට අද (12) අලුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වන අතර එය මිලි මීටර් 117ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28
Video thumbnail
90 දෙනෙක්ගෙන් රනිල් ගත්තු උපදෙස් මොනාද..?
05:27

?