අතුරුදහන්ව සිට නිවසට පැමිණි දැරියන් ආගිය තැන් එලියට : අද වෛද්‍ය පරීක්ෂණයට යොමු කරයි

කොළඹ, කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංචි, අතුරුදන් වූ බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනා ඊයේ නැවත සිය නිවස වෙත පැමිණ ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ, අදාළ දැරියන් තිදෙනා කොළඹින් බස් රථයක නැගී අනුරාධපුරයට ගොස් ඇති අතර පසුව අනුරාධපුරයේ සිට මහනුවරට බසයක පැමිණ, නැවත මහනුවරින් බසයක නැගී කොළඹට පැමිණ ඇති බවයි.

දැරියන් තිදෙනා මේ වන විට පොලිස් භාරයේ සිටින බවත් අද දිනයේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණකට භාජනය කිරීමට නියමිත බවයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ.

කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එම දැරියන් කිසිදු පැහැරගැනීමට ලක්ව නොමැති බවයි.

වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසු වූ ගැහැණු දරුවන් තිදෙනෙකු අතුරුදන් වී සිටින බවට ඉකුත් 08 වෙනිදා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු සහෝදරියන් වන අතර අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක බවයි වාර්තා වුයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !