අතුරුදහන්ව සිටි මීගමු දේශපාලඥයාගේ දියණිය විවාහ වෙලා!

ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටි මීගමුවේ ප්‍රධාන දේශපාලඥයාගේ දියණිය මේවන විට මීගමුව පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

වයස අවුරුදු 23ක් වූ මේ තරුණිය තරුණයෙකු සමඟ වරකාපොළ ප්‍රදේශයේ සිටියදී සොයාගෙන තිබේ.

ඇය එම තරුණයා සමඟ පැවැති ආදර සම්බන්ධතාවයක් මත ගෙදරින් පැන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විට එම යුවල මීගමුව පොලිසියට ගෙනවිත් ඇති අතර, ඔවුන් විවාහ වී ඇති බවද පැවසේ.

කටාන, හල්පේ, පීටර් සිල්වා මාවතේ පදිංචිව සිට අතුරුදහන් වූ තරුණයා ද මේවන විට නිවසට පැමිණ ඇති අතර ඔහු අදාළ දේශපාලඥයාගේ දියණියගේ විවාහය ලියාපදිංචි කිරීමට සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබූ අයෙකි.

අදාළ දේශපාලඥයාගේ දියණිය සමඟ විවාහ වී ඇති තරුණයා ද පොහොට්ටු පක්ෂයේ ප්‍රබල සාමාජික පවුලක අයෙක් බව පැවසේ.

මේ අතර පොලිසිය විසින් ඊයේ (13) මේ විවාහය ලියාපදිංචි කළ විවාහ රෙජිස්ටාර්වරයාට ද හිරිහැර කර ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීමේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විවේචන එල්ලවෙමින් තිබෙන අතර, මීගමු පොලිසිය පොලිස් දෙපාර්තමේන්තුවට ද එසේ නොමැති නම් අදාළ දේශපාලන පවුලට අයත් එකක්ද යන්න සැකසහිත බව සිද්ධියෙන් පොලිස් පීඩාවට ලක්වූ අයෙක් කියා සිටියේය.

මේ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් මේ සිද්ධියෙන් ආණ්ඩුවට කැළලක් ඇතිවේ යැයි බියෙන් පසුවන බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?