AFC Banner
Empty Ad
Empty Ad

අතිරේක ලේකම් බැට දෙන්න ගිය කොස්තාපල්ව පොලිස් ඇමැති රැක ගනී – (වීඩියෝ)

තම රියදුරු බලපත්‍රය ලබාගෙන පරීක්ෂා කළ, පොලිස් නිලධාරීයෙකුට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙක් බැන වදින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම අදාළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී, පොලිස් නිලධාරියෙකු විසින් තොරතුරු ලබා ගැනීමට උත්සහ කර තිබෙනවා.

එහි දී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු යැයි කියාගන්නා මෙම පුද්ගලයා, පොලිස් නිලධාරීයාට බැන වදිමින් දුරකතනයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් අය දැනුවත් කරන ආකාරයක් ද එම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේදී ලේකම්වරයාගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැන වැදීමට කටයුතු කර අයුරු ද එහි දැක්වෙනවා.

මාතර, අපරැක්ක පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස අතුරුගිරිය දක්වා පැමිණීමේ අපේක්ෂාවෙන් කැබ් රථයක පැමිණෙන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු යැයි හඳුන්වා ගත් මෙම පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු ක්‍රියා කිරීමත් සමගයි මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ.

මෙහිදී අදාළ පුද්ගලයා විසින් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ව දැනුවත් කිරීමටද පියවර ගන්නවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් අනතුරුව 40938 අංකය දරන රුවන් නම් නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුක්තව ස්ථාන මාරු කිරීමේ ලිපියක් ලැබී තිබෙනවා.

මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වුනේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අදාළ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව පසුව අවලංගු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?