අතිරේක ලේකම් බැට දෙන්න ගිය කොස්තාපල්ව පොලිස් ඇමැති රැක ගනී – (වීඩියෝ)

තම රියදුරු බලපත්‍රය ලබාගෙන පරීක්ෂා කළ, පොලිස් නිලධාරීයෙකුට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙක් බැන වදින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම අදාළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී, පොලිස් නිලධාරියෙකු විසින් තොරතුරු ලබා ගැනීමට උත්සහ කර තිබෙනවා.

එහි දී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු යැයි කියාගන්නා මෙම පුද්ගලයා, පොලිස් නිලධාරීයාට බැන වදිමින් දුරකතනයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් අය දැනුවත් කරන ආකාරයක් ද එම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේදී ලේකම්වරයාගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැන වැදීමට කටයුතු කර අයුරු ද එහි දැක්වෙනවා.

මාතර, අපරැක්ක පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස අතුරුගිරිය දක්වා පැමිණීමේ අපේක්ෂාවෙන් කැබ් රථයක පැමිණෙන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු යැයි හඳුන්වා ගත් මෙම පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු ක්‍රියා කිරීමත් සමගයි මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ.

මෙහිදී අදාළ පුද්ගලයා විසින් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ව දැනුවත් කිරීමටද පියවර ගන්නවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් අනතුරුව 40938 අංකය දරන රුවන් නම් නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුක්තව ස්ථාන මාරු කිරීමේ ලිපියක් ලැබී තිබෙනවා.

මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වුනේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අදාළ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව පසුව අවලංගු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00