අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි‍යෝ අපවත් වෙති

අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේ 41 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වී ඇති බවයි දසත ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී වාර්තා වූයේ.

දිගු කලක් උන්වහන්සේ රෝගාතුරව සිටි අතර මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුවක් ලෙස දැවැන්ත ශාසනික මෙහෙවරක් සිදු කළ භික්ෂුවක් ලෙස අමිතානන්ද හිමියන් ගරු බුහුමනට පාත්‍ර වුණා.

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වැඩ වාසය කළේ දොම්පේ කල්‍යාණි ධර්මාශ්‍රමයේ යි.

2017 වර්ෂයේ පමණ උන්වහන්සේ ගිලන් වූ අතර එතැන් සිට උන්වහන්සේට මොළයේ සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වුණා.

එවන් තත්ත්වයක් යටතේ දැඩි ලෙස ගිලන් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදියි උන්වහන්සේ මෙලෙස අද දින අපවත් ව ඇත්තේ.

විද්‍යුත් හා රූපවාහිනී මාධ්‍ය නාලිකාවල සේ ම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර 300කට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
48
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53