AFC Banner
Empty Ad
Empty Ad

අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්‍ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ගංගාරාමේ පොඩි හාමුදුරුවන් යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ජනප්‍රිය ව සිටි විහාරාධිපති හිමියන් දීර්ඝ කාලයක සිට රෝගාතුර ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූයේ පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී යි.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු අද පස්වරු 4.30ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ හුණුපිටිය ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදීයි.

මේ වනවිටත් සර්ව ආගමික නායකයින් සේ ම ප්‍රභූවරුන් ද සිවිල් ප්‍රජාව ද උන්වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.

ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද පස්වරු 02 සිට එම අවට මහා මාර්ගය විශේෂ රථ වාහන සැලැස්මක් මත ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?