අත් සහ කට ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි

දෙඅත් අත් සහ මුඛය ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගත් මළ සිරුර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී රථ රියැදුරෙකු ගේ බවට හඳුනාගෙන තිබෙනවා.

දෙඅත් පිටුපසට කර ගැට ගසා ඝාතනය කර ඉංගිරිය රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ දමා ගොස් තිබූ මෙම සිරුර හමුවුයේ පසුගිය 15 වනදායි.

මෙම මළ සිරුර ඥාතීන් විසින් හඳුනාගත් බව ඉංගිරිය පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුලී රථ රියදුරෙකු ලෙස රැකියාව කරන 48 හැවිරිදි එක් දරු පියෙක්.

පසුගිය 15 වැනි දින මෙම මළ සිරුර පිළිබඳ ඉංගිරිය පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ එම ප්‍රදේශය ආසන්නයේ තැඹිලි වෙළඳාමේ යෙදුන පුද්ගලයකු විසින්.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ අතර සුදු පාට රෙදි කඩකින් කට ගැටගසා තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.

මළ සිරුර හමු වන විට යටි කය වැසෙන ඇඳුම පමණක් එහි තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින අතර පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා කලක සිට වෙන්ව ජීවත්ව ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රසිද්ධ කුලී රථ සමාගම් දෙකක ලියා පදිංචි කර ඒ හරහා ලැබෙන කුලී ගමන් ගොස් ඇති අතර ඇතැම් විට නිවසට යාමට පුරුද්දක් කරගෙන තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සෑම දිනකම පොළොන්නරුවේ සිටින මවට හා එකම පුතුට ජංගම දුරකථනයෙන් කතාබස් කර සුවදුක් විමසීම ද පුරුද්දක් වශයෙන් සිදු කරගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය 12 වනදා සිට ඔහුගෙන් ඇමතුම් ලැබී නොමැති බවයි හෙළිවී ඇත්තේ.

සිය සහෝදරයා පිළිබඳ තොරතුරක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා ක්‍රියාවිරහිතව ඇති බව පවසමින් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමට ඊයේ (18) පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ඡායාරූප පෙන්වීමෙන් අනතුරුව ඔවුන් හොරණ මූලික රෝහල වෙත පැමිණ මළ සිරුර පරීක්ෂාකර සිය සහෝදරයා ගේ සිරුර බවට හඳුනා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මළ සිරුර හමු වන විට ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය නොතිබූ බවත් පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයාට අයත් මෝටර් රථය පැහැරගැනීමට ඝාතනය කළාද ? වෙනත් හේතුවක් මත ඝාතනය කළාද? වෙනත් ස්ථානයක දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනත් දැම්මා ද ? යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනවා.

ඝාතනය සිදු කළ ආකාරය සොයා බැලීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් හොරණ මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පැදවූ මෝටර් රථයේ අදාළ කුලී රථ සමාගම් මගින් ජී. පී. එස් තාක්ෂණය සවි කර ඇත්ද යන්න සොයා විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?