අත් සහ කට ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි

දෙඅත් අත් සහ මුඛය ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගත් මළ සිරුර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී රථ රියැදුරෙකු ගේ බවට හඳුනාගෙන තිබෙනවා.

දෙඅත් පිටුපසට කර ගැට ගසා ඝාතනය කර ඉංගිරිය රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ දමා ගොස් තිබූ මෙම සිරුර හමුවුයේ පසුගිය 15 වනදායි.

මෙම මළ සිරුර ඥාතීන් විසින් හඳුනාගත් බව ඉංගිරිය පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුලී රථ රියදුරෙකු ලෙස රැකියාව කරන 48 හැවිරිදි එක් දරු පියෙක්.

පසුගිය 15 වැනි දින මෙම මළ සිරුර පිළිබඳ ඉංගිරිය පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ එම ප්‍රදේශය ආසන්නයේ තැඹිලි වෙළඳාමේ යෙදුන පුද්ගලයකු විසින්.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ අතර සුදු පාට රෙදි කඩකින් කට ගැටගසා තිබූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.

මළ සිරුර හමු වන විට යටි කය වැසෙන ඇඳුම පමණක් එහි තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින අතර පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා කලක සිට වෙන්ව ජීවත්ව ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රසිද්ධ කුලී රථ සමාගම් දෙකක ලියා පදිංචි කර ඒ හරහා ලැබෙන කුලී ගමන් ගොස් ඇති අතර ඇතැම් විට නිවසට යාමට පුරුද්දක් කරගෙන තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සෑම දිනකම පොළොන්නරුවේ සිටින මවට හා එකම පුතුට ජංගම දුරකථනයෙන් කතාබස් කර සුවදුක් විමසීම ද පුරුද්දක් වශයෙන් සිදු කරගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය 12 වනදා සිට ඔහුගෙන් ඇමතුම් ලැබී නොමැති බවයි හෙළිවී ඇත්තේ.

සිය සහෝදරයා පිළිබඳ තොරතුරක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා ක්‍රියාවිරහිතව ඇති බව පවසමින් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමට ඊයේ (18) පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ඡායාරූප පෙන්වීමෙන් අනතුරුව ඔවුන් හොරණ මූලික රෝහල වෙත පැමිණ මළ සිරුර පරීක්ෂාකර සිය සහෝදරයා ගේ සිරුර බවට හඳුනා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මළ සිරුර හමු වන විට ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය නොතිබූ බවත් පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයාට අයත් මෝටර් රථය පැහැරගැනීමට ඝාතනය කළාද ? වෙනත් හේතුවක් මත ඝාතනය කළාද? වෙනත් ස්ථානයක දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනත් දැම්මා ද ? යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනවා.

ඝාතනය සිදු කළ ආකාරය සොයා බැලීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් හොරණ මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පැදවූ මෝටර් රථයේ අදාළ කුලී රථ සමාගම් මගින් ජී. පී. එස් තාක්ෂණය සවි කර ඇත්ද යන්න සොයා විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14