AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 17 මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ. ඊට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත. ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය. නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?