අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා සිටියේය.

ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 800ක් පමණ මේ වන විටත් වරායේ රඳවා තිබෙන බවත්, එම ආහාර ද්‍රව්‍ය තොග කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය බවත්, එසේ වුවහොත් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය සැපයිය හැකි බවත් හෙතෙම කියයි.

මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් පත්වීමත් සමග මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබාදෙනු ඇති බවට තමන්ගේ අපේක්ෂාව බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

එසේ නැති වුවහොත් ආනයන සියල්ල නවතා දමන බවත් දැනට රටේ පවතින අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මාසය අවසන් වන තෙක් පමණක් බවත් ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23