අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367ක ආනයන සීමාව දීර්ඝ කෙරේ

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බවයි.

පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ආහාර වර්ග, විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා එම සීමාවන් පනවා ඇති බව සඳහන්.

ඒ අනුව ආහාර වර්ග යටතේ ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන්ෆ්ලෙක්ස් සහ පැස්ටා ආනයනය තහනම් වනු ඇත.

වතුර බෝතල්, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ සහ රැවුල කැපීමට ගන්නා විද්‍යුත් උපකරණ සඳහා මෙම සීමාවන් ක්‍රියාත්මක වේ.

මීට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාස තුළ භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහා ද එම සීමා පැනවේ.

රූපවාහිනි යන්ත්‍ර, ඩිජිටල් හා වීඩියෝ කැමරා මෙන්ම තෝරාගත් සංගීත භාණ්ඩ සඳහා ද මෙම සීමාවන් ක්‍රියාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

http://documents.gov.lk/files/egz/2022/4/2274-42_S.pdf



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14