අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේ දී උපරිම සිල්ලර මිලක් (වීඩියෝ)

මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේ දී උපරිම සිල්ලර මිලක් පනවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තඹුත්තේගම ප්‍රදේශයේ අද (16) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ; පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

එලෙස නියම කරනු ලබන පාලන මිල ගණන් කඩිනමින් ජනතාවට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර වර්තමාන රුපියල් සීයකට අලෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවත්, රුපියල් 52 කට සපයන ලුණු පැකට්ටුව වෙළඳපොළේ රුපියල් 100ට අලෙවි කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22