අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අද (09) සිට අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

කීරි සම්බා, ලොකු ළූණු සහ ටින් මාළු මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.

ඒ, අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10.00 කින් ද, ලොකු ළූණු රුපියල් 16.00 කින් ද, ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක මිල රුපියල් 35.00 කින් ද මිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.