AFC Banner
AFC Banner
Empty Ad

අත්‍යවශ්‍ය කටයුතුවලට හැර වෙනත් කිසිවකට මුදල් දෙන්න බෑ

අත්‍යවශ්‍ය කටයුතු හැර වෙනත් කිසිවකට ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය හමුවේ මුදල් අමාත්‍යංශය මගින් සිදු කරනු ලබන අසීරු කළමනාකරණයට බාහිර පාර්ශවයන් විසින් දේශපාලන වශයෙන් බාධා කිරීම සහ බලපෑම් කිරීම රට යථා තත්ත්වයට පත් කිරීමට ලබා දෙන සහයක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබාදීම, සමෘද්ධි ඇතුලු සහනාධාර ගෙවීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආධාර ලබාදීම වැනි සුබ සාධන කටයුතු රජය සිදු කරනු ලබන්නේ අපහසුතා මධ්‍යයේ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙටි කාලයක් මෙම මුදල් සීමා කිරීම සිදු කළ යුතු වන්නේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් බවයි ශෙහාන් සේමසිංහ කියාසිටියේ.

එසේ නොවුණ හොත් ඉදිරියේදී පෝලිම් යුගයක් නැවත නිර්මාණය වනු ඇති බව ද ඔහු අනතරු අගවනවා.

රජයේ කටයුතුවලට බාධා කිරීම රටේ පැවැත්මට ද බාධාවක් බවයි ඔහු කියාසිටියේ.

රජයක් ලෙස එකට කටයුතු කරමින් සිට ජනතා විරෝධය එල්ල වූ පසුව ඉන් ඉවත්ව වෙනත් කඳවුරකට එක්වී තමන් නියෝජනය කල ආණ්ඩුවට චෝදනා කිරීම සදාචාරාත්මක නොවන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එවැනි පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?