අත්‍යවශ්‍ය ඖෂධ 270ක් සොයා ගන්න විදෙස් රටවල සහය පතයි

අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මාර්ගයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක බැංකුව මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුව ඖෂධ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට උදව් කරන බවද ප්‍රකාශ කර සිටියා.

ඉන්දියානු ණය වැඩපිළිවෙළ යටතේ ඖෂධ ලැබීම අවසන් අදියරේ පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීම සඳහා උපරිම ශක්තියෙන් කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා අදාළ අංශ සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර විදේශයන්හි සිටින වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ දානපතීන් රැසක් ශ්‍රී ලංකාවට ඖෂධ සපයා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43