අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් ඉහළට (වීඩියෝ)

එළඹෙන උත්සව සමයේ දී පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල හා සේවාවල හිඟ තත්ත්වයක් නිර්මාණය වුවහොත්; නියත වශයෙන් ම ආහාරපාන මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාර්තා වනවා.

අනුරාධපුර ආපණශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ ආණ්ඩුව පැමිණියේ හාල් මෝල් හිමියන්ගේ මාෆියාව දණ ගැස්වීමට වුව ද; දැන් සිදු ව ඇත්තේ මෝල් හිමියන් අබියස දී ආණ්ඩුවට දණ නැමීම බවයි ඔවුන් පවසන්නේ.

පොල් මිල ඉහළ යාම, වෙළෙඳපොළ හාල් හිඟතාවක් පැවතීම හේතුවෙන් සහ මේ වනවිට බිත්තර මිල ද ඉහළ ගොස් ඇත්තේ ඉදිරියේ දී බිත්තර ද හිඟවීමේ ඉඩකඩක් පවතින බැවින් ඊට විසඳුම් ලෙස තවදුරටත් පාඩු අලාභ විඳ දරාගැනීමට ආපණශාලා හිමියන්ට හැකි නොවන බැවින් ආහාරවල මිල සංශෝධනය වනු ඇති බවයි අනුරාධපුර ආපණාශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.