අත්තම්මාව අවසන් ගමන් යැවූ මුණුපුරා අත්අඩංගුවට

තඹුත්තේගම පොලිස් වසමේ මල්වානේගම ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන කාලයේ කාන්තාවකට පහරදී ඝාතනය කර ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 82ක් වූ මල්වානේගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරියගේ මුණුපුරා විසින් පුද්ගලික ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වයස අවුරුදු 23 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !