අතන මෙතන සිදු වූ රිය අනතුරුවලින් දෙදෙනකු මරුට

ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ උතුරු පයාගල – ඈතගම ප්‍රදේශයේ දියි.

අනතුරට ලක් වූ ත්‍රීරෝද රථය කළුතර ප්‍රදේශයට පුද්ගලයෙකු ඇරලවා, නැවත නිවසට යමින් සිටියදියි ලොරි රථයේ ගැටී ඇත්තේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් මධුෂාන් නමැති 34 හැවිරිදි දෙදරු පියෙක්.

ත්‍රීරෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර බේරුවල දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වුණා.

️අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගිය ද එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

ලොරිරථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර ඊයේ (06) අහුන්ගල්ල පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බලපිටිය බස් නැවතුම්පොළ අසල දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් බලපිටිය බස් නැවතුම්පොළෙහි මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේ දී පාපැදිකරුවෙකු ගැටී බස් රථයට යට වී අනතුරක් සිදු වුණා.

අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු 60 හැවිරිදි බලපිටියේ ම පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?