අතන මෙතන සිදු වූ රිය අනතුරුවලින් දෙදෙනකු මරුට

ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ උතුරු පයාගල – ඈතගම ප්‍රදේශයේ දියි.

අනතුරට ලක් වූ ත්‍රීරෝද රථය කළුතර ප්‍රදේශයට පුද්ගලයෙකු ඇරලවා, නැවත නිවසට යමින් සිටියදියි ලොරි රථයේ ගැටී ඇත්තේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් මධුෂාන් නමැති 34 හැවිරිදි දෙදරු පියෙක්.

ත්‍රීරෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර බේරුවල දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වුණා.

️අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගිය ද එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

ලොරිරථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර ඊයේ (06) අහුන්ගල්ල පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බලපිටිය බස් නැවතුම්පොළ අසල දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් බලපිටිය බස් නැවතුම්පොළෙහි මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේ දී පාපැදිකරුවෙකු ගැටී බස් රථයට යට වී අනතුරක් සිදු වුණා.

අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු 60 හැවිරිදි බලපිටියේ ම පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13