අණ නොතැකූ මෝටර් රථයකට මාතර දී වෙඩි – තරුණයෙක් අත්අඩංගුවට

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී කාලයේ පොලිසිය විසින් වෙඩිතබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල වූ මෝටර් රථය මාතර – ජනරාජ මාවතේ දමාගොස් තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවල දී මෝටර් රථයේ ගමන් ගත වයස අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාතර, දෙව්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2230ක් සහ ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?