AFC Banner
AFC Banner
Empty Ad

අටලුගම දැරිය සොයන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ෆාතිමා අයීෂා නැමති නව හැවිරිදි වියේ පසු වූ දැරියක්.

අදාල දැරිය ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති අතර ඇය ආපසු නිවසට පැමිණ නොමැත බවයි වාර්තා වුණේ.

දැරියගේ දෙමව්පියන් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුවයි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විමර්ශන ආරම්භකර ඇත්තේ.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ ඇයගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

දැරියගේ මවගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?