AFC Banner
AFC Banner
Empty Ad

අග්බෝට යළිත් වෙඩි ප්‍රහාරයක්

සතුන් දඩයම් කිරීමට ඇටවූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා සිටි අග්බෝ හස්තියා යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි තොරතුරු වාර්තා වනවා.

වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ මීට සතියකට පමණ ඉහතදී මෙම වෙඩි ප්‍රහාරය සිදුවී ඇති බවටයි.

අනුරාධපුර තිරප්පනේ වන්නම්මඩුව වැව් ඉස්මත්තේදී වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයට ලක්වූ අග්බෝ හස්තියාගේ සිරුරේ තිබූ උණ්ඩ 5ක පමණ කොටස් වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර එම තුවාල සඳහා අනුරාධපුර කලාපය භාර පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් ප්‍රතිකාර සිදු කර තිබෙනවා.

බඳින තුවක්කුවක් හේතුවෙන් තුවාල ලබා සිටින අග්බෝ හස්තියාට පසුගිය කාලසීමාව පුරාම වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?