සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත්වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල, කණුගොල්ල ප්‍රදේශයේ එකම පවුලක තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (17) පස්වරුවේ රෝහල් ගතකර තිබෙනවා.
ඔවුන් මීගහකිවුල රෝහලට ඇතුළත්කර ඇති අතර, මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 14, 34, සහ 28 යන වයස්වල පසුවන තිදෙනෙක්.
මොවුන් සවස තේ පානය කිරීමට වියලන ලද බත් පොල්, සීනි ආදිය එක් කොට සකස් කරන ලද අග්ගලා අනුභවකර තේ පානය
කිරීමෙන් පසුව මොවුන්ට හට ගත් අධික වමනය හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1




