ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතයි.
උන්වහන්සේඑළඹෙන 08 වනදා දකවා මෙරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය වෙනුවෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුවයි උන්වහන්සේගේ මෙම නිල සංචාරය සිදුකරන්නේ.
අගරදගුරු ගැලගර් හිමිපාණන් මෙම නිල සංචාරය අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිතයි.
මේ අතර උන්වහන්සේ පාස්කු ප්‍රහාරයන්ගෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීමට ද නියමිතයි.





