AFC Banner
Empty Ad
Empty Ad

අගමැති ජනපති ඇවිලෙති

සෝමාලියාවේ ජනපති සහ අගමැති අතර මත ගැටුමක් වර්ධනය වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මොහමඩ් විසින් අගමැතිවරයාගේ බලය අත්හිටුවා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 

මේ හේතුවෙන් අප්‍රිකානු මහාද්වීපයේ “අඟ” ලෙස සැලකෙන සෝමාලියාවේ දේශපාලන අස්ථාවර බවක් වර්ධනය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අගමැති මොහම්මඩ් හුසේන් රෝබල් නීතිවිරෝධී ලෙස ඉඩමක් පවරාගෙන ඇති බැවින් ඔහුට එරෙහිව පියවර ගත් බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?