තමා අගමැති තනතුරෙන් ඉවත්වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරවලට රැවටෙන්න එපා යැයි ජනතාවට කියන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
මේ මොහොතේ අගමැතිකම අතහැර යෑමට හෝ වෙනත් අයෙකුට පැවරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. තමා හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ තිබෙන බවත් මේවා පට්ටපල් බොරු බවත් අගමැතිවරයා පැවසීය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගිවීම පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් මුහුකුරා ගිය චරිතයක් බවද ඔහු සර්ව පාක්ෂික සමුළුවට සහය දීමට පැමිණීම සතුටට කරුණක් බවද කීවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




