නිදහස් උත්සවයට සහභාගි වන බව ආදිවාසී නායකයා කියයි

රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, නිදහස් උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියලැත්තන් පවසනවා.

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, රතුගල ප්‍රාදේශීය නායක දානිගල බණ්ඩලාගේ සුදු බණ්ඩා, පොල්ලබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩලාගේ ගුණවර්ධන, හෙනානිගල ප්‍රාදේශීය නායක තලා වරිගයේ ගුණා බණ්ඩියා, වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්, මූතූර් ප්‍රාදේශීය නායක නාගරත්නම් වර්ධන්, එන්. කනකරත්නම්, ඒ.ශ්‍රී සෙල්වම් යන ආදිවාසී නායකයෝ සහ සාමාජිකයෝ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියා.

ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමු වී ඔවුන් මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඒවා මූලික කර ගනිමින්, CPA සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

ප්‍රාදේශීය වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ආදිවාසී ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයේ නව නීති සම්පාදනය සඳහා පනතක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් වීම කාලීන අවශ්‍යතාවක් බවයි, මෙහි දී වන්නියල ඇත්තො සඳහන් කළේ.

එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ද මෙහි දී සාකච්ඡාවට ලක්වුණා.

ආදිවාසී ජනයා ප්‍රාදේශීය වශයෙන් මුහුණ දෙන ගැටලු විස‍ඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු පියවර සොයා බලන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහි දී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තට උපදෙස් ලබා දී පාර්ලිමේන්තුවේ කමිටු හරහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සොයා බලන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?