නිදහස් උත්සවයට සහභාගි වන බව ආදිවාසී නායකයා කියයි

රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, නිදහස් උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියලැත්තන් පවසනවා.

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, රතුගල ප්‍රාදේශීය නායක දානිගල බණ්ඩලාගේ සුදු බණ්ඩා, පොල්ලබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩලාගේ ගුණවර්ධන, හෙනානිගල ප්‍රාදේශීය නායක තලා වරිගයේ ගුණා බණ්ඩියා, වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්, මූතූර් ප්‍රාදේශීය නායක නාගරත්නම් වර්ධන්, එන්. කනකරත්නම්, ඒ.ශ්‍රී සෙල්වම් යන ආදිවාසී නායකයෝ සහ සාමාජිකයෝ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියා.

ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමු වී ඔවුන් මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඒවා මූලික කර ගනිමින්, CPA සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

ප්‍රාදේශීය වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ආදිවාසී ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයේ නව නීති සම්පාදනය සඳහා පනතක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් වීම කාලීන අවශ්‍යතාවක් බවයි, මෙහි දී වන්නියල ඇත්තො සඳහන් කළේ.

එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ද මෙහි දී සාකච්ඡාවට ලක්වුණා.

ආදිවාසී ජනයා ප්‍රාදේශීය වශයෙන් මුහුණ දෙන ගැටලු විස‍ඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු පියවර සොයා බලන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහි දී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තට උපදෙස් ලබා දී පාර්ලිමේන්තුවේ කමිටු හරහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සොයා බලන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34