AFC Banner
Empty Ad
Empty Ad

අගමැති අද ඉවත් නොවුනොත් ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම ඉවත් විමත් සමග නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු විවිධ පාර්ශව විවිධ නම් මේ වනවිටත් යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බව යෝජනා වී ඇති බව වාර්තා වනවා. අමාත්‍ය රමේෂ් පතිරණගේ නම ද සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාගේද නම් තවත් පාර්ශව කිහිපයක් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන්

මේ අතර අන්තර්වාර ආණ්ඩුව සදහා විසි දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවටද යෝජනා වී තිබෙනවා. අද දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට සූදානම් වනවා. ඒ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමට බවයි දේශපාලන ආරංචි පැවසුවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා යන අය ඉවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?