අගමැතිනියට ගෙදර යන්න බලකරමින් බංග්ලාදේශයේ විරෝධතා – විපක්ෂ නායකත් අත්අඩංගුවට

බංග්ලාදේශයේ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් ඩකා නුවර පැවති ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩකාරී විරෝධී විරෝධතාවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඩකා නුවර විරෝධතාවන්ට එක්ව සිටියා.

මෙම විරෝධතාවලින් එක් පොලිස් නිලධාරියෙක් සහ විරෝධතාකරුවෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බංග්ලාදේශ විපක්ෂ නායක අලම්ගීර් අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර වාර්තා නිකුත් වී තිබෙනවා.

බංග්ලාදේශ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සෙනසුරාදා විරෝධතාවයේ දී පොලිස් නිලධාරියෙකු මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවකට විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ පක්ෂයේ තවත් සාමාජිකයින් 64 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වල දී විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එළඹෙන ජනවාරි මාසයේ දී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, අගමැතිනී ෂීක් හසීනාට එරෙහිව විරෝධතා පවත්වමින්, ඇයට ඉල්ලා අස්වන ලෙසත් මධ්‍යස්ථ රජයක් යටතේ ඡන්දයක් පවත්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?